ආදරණීය නේරංජනා...////


ඔබෙ මුදු මඳහස් රැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ


කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැටුනා


නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා


ආදරණීය....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X