විහඟ කොදෙව්වෙන් ඇවිදින් - wihaga kodewwen awidin (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


විහඟ කොදෙව්වෙන් ඇවිදින්
සමනළ වැව හැඩ කරනා සියොතුන්
ගයනා පෙම් ගී තාලෙට
බෙලිහුල් ඔය දිය නටනා

දෑතේ පැටලී සමනල් රෑනක
ආදර කඳු නගිනා
මිහිඳුම් සලු දිග හැරනා යාමය
අපට දුරයි සිතුනා

සරසවි අහසේ ඇදුණු වළාවක
මා පෙම් කව සඟවා
එවන්න බෑ මට සොදුරිය ඒ කව
සිහින දුරයි සිතුනා

ගායනය - අමරසිරි පීරිස්
පද රවනය - ඉන්දු හේරත්
සංගීතය - ඩැනියස්ටර් පෙරේරා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X