උන්මාදනී හැංගුණා - unmadani hanguna (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


උන්මාදනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංගනා
රාධා මගේ අංජනා

මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින්
සංතාපයේ ලා පොද වෑහුනී
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X