තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට - thurulu karan innata (උමාරියා සිංහවංශ - umariya sinhawansha)


තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපු නෙතට බර නැහැ දුක් කඳුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..

කිඳුරිය වෙලා මතකයි මං පෙර බවක
හඬා වැටුනු හැටි මගෙ හිමි ඔබ අසල
කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..

ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා
ලොව අන්සතුයි සැප තිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා..
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X