තුමුල බල ඇති තෙදැති දෙවඟන - thumula bala athi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙව්ලේ යහන පාමුල//

ඉරා සළුපට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝන දිය
පලා අසිපත නසා එහි පළු
පසිඳ විය හැකි වේද යුක්තිය

තුමුල බල ඇති......

ධවල සළුපිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැලුනිද
ඔබේ ගත රැදි දුහුල් සළුපට
හමන සුලගට ඉගිල යාවිද

තුමුල බල ඇති ......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X