සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ - sithakin nowe obagen (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවා වි දෙකුපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුළක් වුණා දෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X