සෙනෙහසකට අරුතක් පුරවන්නට - senehasakata aruthak (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...

සෙනෙහසකට අරුතක්...//
"

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X