සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ - samawenna raththarane (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ
ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ

දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී
බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X