රොබරෝසියා හෙවණේ ඉදන් - robarosiya hewane idan (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින්
මං ආදරෙයි කිව්වත් ඉතින්

හසරැලි අරන් එන පෙම්වතුන්
කදුලැලි දරන් යන පෙම්වතුන්//
මට කියාදෙනවද කදුලක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්

රොබරෝසියා..

ඔබ හමූවුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්//
මට නොදී ගිය තව කදුලු ඇතිනම්
එපා දෙන්නට ඔහුටනම්

රොබරෝසියා ..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X