පුංචි ඇස් දෙක කඳුළු පුරවන් - punchi as deka (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නම්
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමී

ප් රේමයේ උත්තරතීර බව
පසක් කරගෙන හොදටම
කාලයේ වැලිතලා යටවී
මියැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතු වී ඇත අප ගැන
හඩා වැටුනත් හඩන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන

දහසකුත් බාධක තියාගෙන
ප් රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුනත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X