පායා එන සඳවත මනරම් - paya ena sadawatha (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්

පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්

පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X