නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ - nilwana lande (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තහනම් දෝ ප් රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X