නිල් නුවන් පියවිලා - nil nuwan piyawila (අතුල ශ්‍රී ගමගේ - athula sri gamage)


Athula sri gamage song lyrics


නිල් නුවන් පියවිලා  
රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා
එන්න දේව් ලියේ
හදවතේ  රැඳී
ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා
යහන් තලාවේ

සෝ තැවුල් නිවා දමන්න
මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල්
මිහිරි ගීතිකා
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා

ඇඟිලි තුඩින් ලියා එවන
කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා
යයි නිමක් නොවේ
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X