මම මොකුත් කියන්නෙම නෑමයි - mama mukuth kiyannema (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



මම මොකුත් කියන්නෙම නෑමයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි
වෙන් වෙන්න තිතන්නෙත් ඔබමයි

මුදු සරා සඳේ සිහිළැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
මුතු පින්න පිපුණ තණනිල්ලේ
හමුවුණා එදා සැනසිල්ලේ

මම මොකුත්....

ඒ මිහිරි අතීතය නිමවී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මා ඉන්නම් සැමදා තනිවී

මම මොකුත්....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X