කවදා හෝ සසර කතර අතරමග දී - kawada ho sasara kathara (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


කවදා හෝ සසර කතර අතරමග දී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියා⁣වී
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

කවදා හෝ සසර කතර අතරමගකදී..

මිදුලේ ඇති ආලෝකය නිවසට එන්න..//
සුදු ඔබගේ දෑතට ම⁣ගේ දෑතම මෙන්න..
මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ
රිදී ඉරකි ඔබ මාගේ අදුරු ජීවිතේ..
අදුරු ජීවිතේ...

කවදා හෝ සසර කතර අතරමගකදී...

පවසනු බැරි නම් ඉදිරියේ කරැණු ඔබේ හිතේ..//
මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ..
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
ඔබෙයි මගෙයි අදුරු ලොවට සද පායද්දෙන්..
සද පායද්දෙන්..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X