හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - hamuwennata samugannata (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

හමුවෙන්නට සමුගන්නට...

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X