දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන් - danena duk wedana (ෂරොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්

මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්...

දැනෙන දුක් වේදනා...

ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

දැනෙන දුක් වේදනා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X