හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුර ඔබෙ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
සේපාලිකා ///
සදමන්ඩලේ සද කැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්
සේපාලිකා ///
නිල් අම්ඹරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් අරිමින්
මං පෙම් කළේ නුඹටයි කවදත්
සේපාලිකා ///
fatta song 1 machan...i love it so much....@$$..ChamI..$$@
ReplyDeleteI too love it machn , bt unfortunately I dnt hv a one to tell this sng :)
Delete