ඔබ පෙම් කරනා - Oba pem karana (Gunadasa Kapuge)


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම්....

සක්මන් මළුවන දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සගවා දෙනත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම්....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X