මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ..//
අප පෙම් කථාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැදන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනයේ
මගේ දිනපොතේහි...
පාසැල් සමේ අපි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසියේ
ගිනි අවුළුවා නටඹුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්
මගේ දිනපොතේහි...
No comments:
Post a Comment