ගංගා දිය වැල් ගලා - Ganga diya ral gala (Punsiri Soyza)




 ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

වන පෙත් හෙලි වේ
රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ
ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ

ගංගා දිය වැල් ගලා...

අළුයම අහසේ
පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා
රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා

ගංගා දිය වැල් ගලා

යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

යමු යමු පෙරමුණ බලා ///

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X