අවසන් හුස්ම - Awasan husma ( Krishantha Erandaka)




අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුබ නැතිදාට මේ..ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....
මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුබදැයි සිතෙනා තරම
රිදුනත් නුබට හසරැල් පුදලා මෙමට
මුව මත ඇදෙන නුබේ පෙම්වත් බව අරුම....
පැතුවත් තනිව නික්මෙන්නට නුබට පෙර
මම නැති දාක නපුරක් නුබ හට වේද....
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X