ජොලි ජලජේ - jolly jalage (Bimal Jayakody)


 

ජොලි ජලජේ - jolly jalage ugura ugura (Bimal Jayakody)

"ජොලි ජලජේ - ජොලි ජලජේ //

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

රැල්ලෙ එතිලා වැල්ලෙ පෙරළි පෙරළි නටයි බෙල්ලෝ 
රැල්ල එක්ක හැප්පි හැප්පි දැල් ම අදින ගොල්ලෝ 
පිලී ගඳ නසන්න අඩුම කුඩුම දාපු මාලෝ
රසට රසයි ජීවිතයම...
අපි තමයි වැල්ලේ කොල්ලෝ 

කැලති කැලති නොමැරි මැරෙන රැල්ලෙ රඟේ 
බිබිලි නැගෙන ගිනි අව්වෙම කල්ල මරේ 
ඕන විසක් නසන මුහුදු වතුර වගේ 
අපි ඔට්ටුයි ඕන දෙයක් පදිරි නොවේ 

[ජොලි ජලජේ - ජොලි ජලජේ]//

දඟල දඟල නැටුවට කකුළුවා හොද්දේ 
වෙලාවටයි අපේ ගේම නැත මැද්දේ
නිලා පත්තු වෙනකොට තිබුණද සද්දේ 
සිරික්කියම දාපං ඒකයි යුද්දේ

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

[ජොලි ජලජේ - ජොලි ජලජේ]////"


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X