වින්දේ නුඹයි ආදරේ ඇති තරම් - winde nubai adare (ශෂිකා නිසංසලා - shashika nisansala)




වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ
ජීවිතේ හින්දා.....//

පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කදුලු
සිදී නොයාවී වේදනෝ මේ හිතේ පිරුනූ
රිදි රිදී විදවපූ වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ...
බෑ බලන්නට...

දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ සිටි අයුරූ
කාත් කවුරුවත් අද ලග නෑ මිසෙක නෙතේ කදුලූ
රිදි රිදී.....

වින්දේ නුඹයි.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X