වසන්තයේ සිත සැලුනා - wasanthaye sitha seluna (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී

වසන්තයේ සිත....

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි

වසන්තයේ සිත....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X