සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී - sundara duma duma na sudu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී
පෙම්බර නමුණුකුලට පෙම්කවි ගොතනා
නුඹදෝ ප් රේමවන්ති සිහිලැල් ගී පද සලනා//

පුන්සඳ මූණෙ එළියගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලිමල් රසපැන් ඔසු දෙවනා
හිත නළවගන්න එන පිරිසට//
මිහිරිම කවිපද කියනා
[නුඹදෝ සොබාදෙව්ලි ගහකොළ මල්ඵල මවනා]//

කිරිසුදු බදුලු ඔයෙන් හසරැලි ගෙනෙනා
මිහිඳුම් සළුවෙන් හිස ඔළිඑළි බඳිනා
දහදිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
වට වන්දනාවෙ එන නඩේට//
සියපත් ඔබ හාදවුණා
නුඹදෝ සුරලිය මුතියංගණ බුදුගුණ වණනා//

සුන්දර දුම දුම නා...........................

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X