සුහුඹුල් වත නිකැළැල් - suhubul watha mandakini (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


සුහුඹුල් වත නිකැළැල්
සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා
ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දා

රෑ පුරා මුළු රෑ පුරා නිදිවරා 
මා නිදිවරා කල්පනා හීනයක තනි උනා
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නි
සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේ

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X