සිහිවටනය සේ කුමක් ලියන්නද - sihiwatanaya se kumak (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි රහසින් කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ ..//

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේකා සුහද පැතුම් ...//
ඔබේ නුවන් මත කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරලේ
අපි හමුවූයෙමු සුහද සිතින් ..//
එවන් අපේ පොඩි කතන්දරේ අද
ලියා තියන්නද සොඳුරු ලඳේ

සිහිවටනය සේ ...//


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X