සෙනෙහස දෙවොලකි පුදනු හැකි - senehasa dewolaki (සොමසිරි මැදගෙදර)


සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප් රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X