සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා - sadai tharui nisansale (සොමසිරි මැදගෙදර)


සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි //
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ //
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

එකතු කලේ : හද රැදි ගී

1 comment:

  1. මෙවන් වූ විශිෂ්ට ගී පද රචනයක් සිදු කළ අරුණ මුදුන් කොටුව මහතාගේ නම සඳහන් නොකිරීම මොනතරම් පහත් කුහක වැඩක්ද...?

    ReplyDelete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X