සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ - sada nawath kamak nathe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
මහලු මඩම දඟ ගෙයක්  ය දඟ ගෙයි ලෑමට
එකම වරද නුඹේ පියා වයසට යාමද

පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට
හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට
මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
"

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X