රුවන් නිදන හෙළබිම යි - ruwan nidana helabimai (වික්ටර් රත්නායක - victor rathnayaka)




රුවන් නිදන හෙළබිම යි
නුවන් හදන හෙළබිම යි..
නිවන් පුදන හෙළබිම යි..
ලොව හෙලිකල
හෙළබිම යි..

මගේ රුවන හෙළබිම යි..
මගේ නුවන හෙළබිම යි...
මගේ නිවන හෙළබිම යි...

මිහිරෙන් පිරි හෙළබිම යි..
රුහිරින් දැරි හෙළබිම යි..
ඉසුරින් සරි හෙළබිම යි..
ලොව බල පෑ හෙළබිම යි..

මගේ මිහිර හෙළබිම යි..
මගේ රුහිර හෙළබිම යි..
මගේ ඉසුර හෙළබිම යි..

විරුවන් ලත් හෙළබිම යි..
පඬිදුන් පත් හෙළබිම යි..
දුටුවන් මත් හෙළබිම යි..
ලොව හෙබැවූ හෙළබිම යි..

මගේ තිදස හෙළබිම යි..
මගේ සිරස හෙළබිම යි..
මගේ නිවස හෙළබිම යි...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X