රන්වන් මල්දම් සොද ගොතා මා අතින් - ran wan mal dam (Centigratez)


Centrigrates sinhala song lyrics


රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්... //

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවම් සිහින දකිමින්
මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X