පණට නමක් දෙනවා නම් - panata namak (Manej Sanajaya )


panata namak lyrics


තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජිවිතේටම
නැවතුනත් මා ලග අපගේ නොවේ අප
හිමි උනත් මට නැතන් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබටමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතිමක් තීරණේ ඔබේ පිලිගන්නම් ..//

යන්නම ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාධා මගෙන්
මොනව ලැබගන්ද මා නවතා බලෙන්
පැතුවේ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි උනත් මට නැතන් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම්..//

සගවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සගවනුද මං අපි ලෝවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි උනත් මට නැතන් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම්..//
එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X