නන්නාඳුනන සිහින වෙලා - nannadunana sihina wela (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


නන්නාඳුනන සිහින වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරී හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා

වැසි වැසෙන කළුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාඳුනන සිහින....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X