මේ හිත තනියෙන් - me hitha thaniyen (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X