මේ අමාවක රැයේ - me amawaka reye (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා..

පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා

මේ අමාවක රැයේ....

සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්

මේ අමාවක රැයේ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X