මලට සුවඳ සේ යොවුන් ජීවිතේ - malata suwada se (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ //
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී

බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී //
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ..../

නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී //
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ..../

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X