මල් පොකුරු පොකුරු ඇය එන මඟ - mal pokuru pokuru (වික්ටර් රත්නායක - victor rathnayaka)




මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...

මල් පොකුරු පොකුරු...//

සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...

මල් පොකුරු පොකුරු...//


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X