මගේ වෙලා ලඟ උන්නු ඔයා - mage wela laga unnu (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ...


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X