මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ - mage husma wage inna (අජිත් බණ්ඩාර - ajith bandara)


"මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප් රේමේ හර්දෙ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා
ඔබේ හිස තියාලා
රකිමී සදාකල්
මගෙ පන පුදාලා//

දිනෙක අපි මියේවි
අපේ ලොවට යාවී
මීදා නොවූආදරේ
සදහට රැදේවී
ඉසුරු මුනි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත්
සැමදා තියේවි

ඔබේ සුව දැනීලා
හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා
ඉන්නම් රැදීලා//
අපේ සුසුම් පාවි
පාවීලා යාවී
යලි ආයේ භවයකදී
අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවි

නෙතගේ ඉගියක් එවා...//
මාගේ හුස්ම වාගේ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X