ලස්සන හිතක් Lassana Hithak (Ashan Fernando අශාන් ප්‍රනාන්දු)


ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති
ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි

අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි…
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය//

ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති දැන්
ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇති
සාගරේ ගඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇති
ඒ වගේ දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණි…

අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි…
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය//

රත්තරං ඉ‌‌‌ඩෝරේ ගෙවිලා යන්න යාවී
දවසක ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන
සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
ජීවිතයේ ඉතිරි හරිය ‌මේ අතින්ම ලියනවා මම…

අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි…
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X