කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ - kubuk gahe mal pipila (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ..//

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ..
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ..
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ..
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ..//

කුඹුක් ගහේ මල් පිපිලා...

උණ පඳුරේ සිලි සිලි යෙන් මුමුණන සීපදේ..
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ..
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ..
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ..//

කුඹුක් ගහේ මල් පිපිලා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X