කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා - kadulu biduwak (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක්.......

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක්.......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X