ඉගිලෙන්න තහනම් නම් දුරක් - igilenna thahanam nam (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


ඉගිලෙන්න තහනම් නම් දුරක්..
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්..
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්..
මගේ වෙන්නෙ ඇයි එක කවි පෙලක්..

පෙම්වන්ත හිතටත් යට ඉදන්..
පෙන්වන්න අවියක් ඔබ අරන්..
මට ගන්න හැකි ඉර හඳ උනත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..

ඉගිලෙන්න තහනම් නම්..

හැමදාම මල් පෙත් ලං කලත්..
දැනුනේම නෑ සුවදැති බවක්..
නැත මා ඔබෙන් ලද අත් වැලක්..
සාධාරණයි අපි වෙන් කලත්..
සාධාරණයි අපි වෙන් කලත්..

ඉගිලෙන්න තහනම් නම්..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X