හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ - hamadeyak pene eka deyak (බාචි සුසාන් - bachi susan)


Bachi Susan sinhala song lyrics

හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විදිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි නිසන්සලේ

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලෙන කලු කුහර වුව
පිරිනමයි මිතුදම්... පිරිනමයි මිතුදම්

හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ....

භව සසර අතර මග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රලු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්...මට සැනසුම්...

හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X