දුක දැනෙන අයුරු නොදැන වස්තු - duka danena ayuru(දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X