දෙවැනි බුදුන් ලෙස - deweni budun lesa (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා අම්මා

දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X