දෑසෙ කතාවෙන් - dase kathawen (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

පර වී ගියේ නෑ මගෙ චේතනා //

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X