දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල - dakune pin Athi (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම

අප්පච්චි කිය කිය මුලු දවස පුරාම
කතා කරපු හඩ ඇසේවි තාම ලග ලග
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට

දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම

පිහිට වෙලා බේරගන්න මගෙ කූඩුව
පිං අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ලග
සොදුර සමග දරුවන් බිලි ගත්ත වගේම
මාවත් බිලිගත්තානම් දුකක් නෑ මට

දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X